දේශවාසීවූ කානානිවරු ආතාද්ගේ පාවරේ සිදුවූ වැලපීම දැක: මේක මිසරවරුන්ට බරපතළ වැලපීමකැයි කීවෝය. එබැවින් යොර්දානෙන් එගොඩ තිබෙන ඒ ස්ථානයට ආබෙල්-මිශ්‍රයිම් යන නාමය තබන ලද්දේය.
ආබ්‍රම්ගේ ගවයන්ගේ එඬේරුන් සහ ලොත්ගේ ගවයන්ගේ එඬේරුන් අතරේ ඩබරයක් විය. එකල්හි කානානිවරුද පෙරිස්සිවරුද දේශයෙහි වාසයකළෝය.
ආබ්‍රහම්ද: නුඹ මාගේ පුත්‍රයා නැවත එහි ගෙන නොයන්ට බලාගන්න.
එවිට යාකොබ් සිමියොන්ටත් ලෙවීටත් කථාකොට: දේශයේ වැසියන්වූ කානානිවරුන් සහ පෙරිස්සිවරුන් විසින් මා නුරුස්සනු ලබන්ට සැලැස්වීමෙන් නුඹලා මා හිරිහැරයට පත්කළහුය. ගණනින් ස්වල්පවූ මට විරුද්ධව ඔවුන් රැස්ව මට පහරදෙනවා ඇත; මා හා මාගේ පවුල විනාශවන්නේයයි කීය.
ඔව්හු යොර්දානෙන් එගොඩ පිහිටි ආතාද්ගේ පාවරට පැමුණුණ කල එහිදී ඉතා මහත්වූ තද වැලපීමකින් වැලපුණෝය. ඔහු තම පියාණන් ගැන සත් දවසක් ශෝකවුණේය.
ඔහුගේ පුත්‍රයෝ තමන්ට ඔහු අණ දුන් ලෙස ඔහුට කළෝය.
ඒවා යොර්දානෙන් එතර බස්නාහිර පාරට එහායින් අරබා සමභූමියෙහි වාසයකරන කානානිවරුන්ගේ රටෙහි ගිල්ගාල් ඉදිරිපිටවූ මොරේගේ ආලොන් ගස් ළඟ තිබෙනවා නොවේද?
එගොඩට ගොස් යොර්දානෙන් එතර තිබෙන ඒ යහපත් දේශයද ඒ ශෝභන කඳු රටද ලෙබනොන්ද දකින පිණිස මට යන්ට ඉඩදුන මැනවයි කීයෙමි.
නුඹ පිස්ගා මුදුනට නැගී ඇස් ඔසවා බස්නා ඉර දෙසද උතුරු දෙසද දකුණු දෙසද නැගෙනහිර දෙසද නුඹේ ඇස් යොමා බලන්න. මක්නිසාද නුඹ මේ යොර්දානෙන් එතරට නොයන්නෙහිය.
තවද ඔවුන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය තැබුවාවූ බෙත්-ෂෙමිය යෝෂුවාගේ කෙතෙහි අද වන තෙක් පවත්නාවූ මහ ගල දක්වා තිබෙන පවුරු සහිත නුවරවල්ද පිටිසර ගම්ද ඇතුළුව අධිපතීන් පස්දෙනාට අයිතිවූ පිලිස්තිවරුන්ගේ සියලු නුවරවල ගණනේ හැටියට දුන් රන් මීයෝ මේය.