තවද ඒනොක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය; දෙවියන්වහන්සේ ඔහු ගත් බැවින් ඔහු තවත් නොදක්නා ලද්දේය.
එවිට ඔහු මට කථාකොට: මා සේවය කරන්නාවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ දූතයා නුඹ සමඟ යවා නුඹේ ගමන සඵලකරනසේක; නුඹ මාගේ පුත්‍රයාට මාගේ නෑයන්ගෙන්ද මාගේ පියාණන්ගේ ගෙයින්ද භාර්යාවක් ගන්න.
තමාගේ සහෝදරයන් ළඟට හැරීගොස්: ළමයා නැත; අනේ මම කොතැනට යම්දැයි කීය.
ඔවුන්ගේ පියවූ යාකොබ්: නුඹලා මාගේ දරුවන් මාගෙන් තුරන්කළහුය. යෝසෙප් නැත, සිමියොන් නැත, නුඹලා බෙන්යමින්ද ගෙනයන්ට හදන්නහුය. මේ සියල්ල මට විරුද්ධයයි කීවේය.
ඒනොක් මෙතුසෙලා ඉපදෙවූ පසු අවුරුදු තුන්සියයක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
ඒනොක්ගේ සියලු දවස් තුන්සිය සැටපස් අවුරුද්දක්ය.
මෙතුසෙලා එකසිය අසූසත් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ලාමෙක් උපන්නේය.
නෝවාගේ පරම්පරා මේය. නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව සිටියේය. නෝවා දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය.
තවද ස්වාමීන්වහන්සේ එලියා සුළි හුළඟකින් ස්වර්ගයට ගන්ට කැමතිවූ ප්‍රස්තාවේදී එලියා එලිෂා සමඟ ගිල්ගාල්හි සිට ගියේය.
ඔහුද: නුඹ අමාරු දෙයක් ඉල්ලුවෙහිය. එහෙත් නුඹ වෙතින් මා ගන්න විට නුඹ මා දුටුවොත් නුඹට එසේ වන්නේය; නැතහොත් එසේ නොවන්නේයයි කීය.
තවද ඔවුන් කථාකරකර යද්දී ගිනි රථයක්ද ගිනි අශ්වයෝද පෙනී ඔවුන් දෙදෙනා වෙන්කළෝය; එලියා සුළි හුළඟකින් ස්වර්ගයට නැගී ගියේය.
එලිෂා ඒ දැක: ඉශ්‍රායෙල්ට රථ සහ අසරුවන් වැනිවූ මාගේ පියාණෙනි, මාගේ පියාණෙනියි කීවේය. ඔහු තවත් ඔහු නුදුටුවේය. එවිට ඔහු තමාගේ වස්ත්‍ර අල්ලා දෙකට ඉරා,
නුමුත් දෙවියන්වහන්සේ මා පිළිගන්න නිසා ෂෙයෝලේ බලයෙන් මාගේ ආත්මය මුදාගන්නාසේක.
ඔබගේ මන්ත්‍රණයෙන් මට මග පෙන්වනසේක, පසුව තේජසට මා පිළිගන්නාසේක.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: වැලපීමද දුක්ඛිත ඇඬීමද සහිතවූ හඬක් රාමාහි ඇසෙයි, රාඛෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා ඇගේ දරුවන් ගැන සැනසෙන්ට අකැමැතිව සිටියි.
අනාගතවක්තෘවූ යෙරෙමියා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවිය.
උන්වහන්සේද: සැබවක් නුඹට කියමි–අදම නුඹ මා සමඟ පරාදීසයෙහි සිටින්නෙහියයි කීසේක.
නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ ලේද සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.
ආදම් පටන් සත්වෙනියාවූ ඒනොක් මොවුන් ගැනත් අනාගතවාක්‍ය කියමින්: බලව, සියල්ලන් කෙරෙහි යුක්තිය ඉෂ්ටකරන්ටද, සියලු අභක්තීන් විසින් අභක්තිවන්තලෙස කළාවූ ඔවුන්ගේ සියලු අභක්තික ක්‍රියා ගැනත්,