ආෂෙර් කෙරෙන් ඔහුගේ පෝෂ්‍ය ආහාර හටගන්නේය, ඔහු රාජකීය රසවත් භෝජන උපදවන්නේය.
ලෙයා: මේ මාගේ වාසනාවය, මක්නිසාද මම වාසනාවන්තීයයි දූවරුන් කියනවා ඇතැයි කියා ඔහුට ආෂෙර් යන නාමය තැබුවාය.
ආෂෙර්ගේ පුත්‍රයෝ, ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා සහ ඔවුන්ගේ සහෝදරීවූ සෙරාය. බෙරියාගේ පුත්‍රයෝ, හෙබෙර් සහ මල්ඛීයෙල්ය.