Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 48:20

Sinhala Revised Old Version

ඔහු ඒ දවසෙහි ඔවුන්ට ආශීර්වාදකොට: දෙවියන්වහන්සේ නුඹ එප්‍රායිම් මෙන්ද මනස්සේ මෙන්ද කරනසේක්වයි කියමින් ඉශ්‍රායෙල්වරු නුඹ ගැන ආශීර්වාදකරන්නෝයයි කීවේය. ඔහු වනාහි එප්‍රායිම් මනස්සේට වඩා උතුම් කොට තැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

13 හුවමාරු යොමු  

ඔව්හු රෙබෙකාට ආශීර්වාදකරමින්: අපගේ සහෝදරිය, නුඹ දහස්වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙන්න, නුඹේ වංශය තමන්ට වෛරකරන්නවුන්ගේ දොරටුව හිමිකර ගනීවයි කීවෝය.

සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේ නුඹට ආශීර්වාදකර නුඹ සෙනඟ රාශියක් වන පිණිස නුඹ සඵලකොට නුඹ වැඩිකරනසේක්වා;

ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: බලව, මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ නුඹලා සමඟ සිට නුඹලාගේ පියවරුන්ගේ දේශයට නැවත නුඹලා පමුණුවනසේක.

යෝසෙප් ගෝත්‍රයෙන් එනම් මනස්සේ ගෝත්‍රයෙන් සූසිගේ පුත්‍රවූ ගද්දීය.

දේශය සෝදිසි කරන පිණිස මෝසෙස් යැවූ මනුෂ්‍යයන්ගේ නාමවල් මේය. මෝසෙස් නූන්ගේ පුත්‍රවූ හෝෂෙයාට යෝෂුවායයි නම්තැබුවේය.

එප්‍රායිම් ගෝත්‍රයෙන් නූන්ගේ පුත්‍රවූ හෝෂෙයාය.

සත්වෙනි දවසේදී අම්මිහුද්ගේ පුත්‍රවූ එප්‍රායිම් පුත්‍රයන්ගේ අධිපතියාවූ එලිෂාමාය.

අටවෙනි දවසේදී පෙදාශූර්ගේ පුත්‍රවූ මනස්සේ පුත්‍රයන්ගේ අධිපතියාවූ ගමාලියෙල්ය.

යාකොබ් නසින විට, ඇදහිල්ලෙන් යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන් එක් එක්කෙනාට ආශීර්වාදකොට, තමාගේ සැරයටියේ මුදුනට හාන්සිව නමස්කාරකළේය.

යෝසෙප්ගේ පුත්‍රයෝ යෝෂුවාට කථාකොට: ස්වාමීන්වහන්සේ මේ දක්වා අපට ආශීර්වාදකළ බැවින් අප මහත් සෙනඟක්ව සිටියදී ඔබ එක කොටසක්ද එක පංගුවක්ද පමණක් අපට උරුමයක් කොට දුන්නේ මක්නිසාදැයි කීවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්