මේ කාරණාවලට පසු: ඔබගේ පියාණෝ ලෙඩින් ඉන්නාහයි යෝසෙප්ට කියන ලද්දේය. ඔහු තමාගේ පුත්‍රයන් දෙදෙනාවූ මනස්සේ සහ එප්‍රායිම් තමා සමඟ ගෙනගියේය.
යෝසෙප්ට මිසර දේශයේදී මනස්සේ සහ එප්‍රායිම් උපන්නෝය, ඕන්හි පූජකයාවූ පෝති-ඵෙරාගේ දූවූ ආසනෙත් ඔවුන් ඔහු නිසා බිහිකළාය.
නුඹේ පුත්‍රවූ යෝසෙප් නුඹ වෙතට එන්නේයයි යාකොබ්ට දන්වන්ට යෙදුණේය. ඉශ්‍රායෙල් ශක්තිය උපදවාගෙන ඇඳේ හිඳගත්තේය.
මා නුඹ වෙතට මිසරයට එන්ට පළමුවෙන් මිසර දේශයෙහි නුඹට උපන් පුත්‍රයන් දෙදෙනා මාගේය; එප්‍රායිම්ද මනස්සේද රූබෙන් සහ සිමියොන් මෙන් මාගේම වන්නෝය.
එප්‍රායිම්ගේ දරුවන් තුන්වෙනි පරම්පරාව දක්වා දුටුවේය. මනස්සේගේ පුත්‍රවූ, මාඛිර්ගේ දරුවෝද යෝසෙප්ගේ උකුළ පිට ඇතිවුණෝය.
එලිෂාට තමාගේ මරණීය ලෙඩේ වැළඳුණුවිට ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ් ඔහු වෙතට ගොස් ඔහු ළඟ සිටගන අඬා: මාගේ පියාණෙනි, මාගේ පියාණෙනි, ඉශ්‍රායෙල්වරුන්ගේ රථ සහ ඔවුන්ගේ අසරුවෝයයි කීය.
එලිෂා මැරී තැන්පත්කරනු ලැබුවේය. ඊළඟ අවුරුද්දේ මෝවබ්වරුන්ගේ හමුදාවල් දේශයට ඇතුල්වූවෝය.
ඉන්පසු යෝබ් එකසිය හතළිස් අවුරුද්දක් ආයු වළඳා, සතරවෙනි පරම්පරාව දක්වා තමාගේ පුත්‍රයන්ද පුත්‍රයන්ගේ පුත්‍රයන්ද දුටුවේය.
එසේය, නුඹේ දරුවන්ගේ දරුවන් දක්නෙහිය. ඉශ්‍රායෙල්ට සමාදානය වේවා.
එබැවින් ඔහුගේ සහෝදරියෝ: ස්වාමිනි, ඔබවහන්සේ ආදරේව සිටින තැනැත්තා රෝගීව සිටීයයි උන්වහන්සේට කියා යැවුවෝය.
යාකොබ් නසින විට, ඇදහිල්ලෙන් යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන් එක් එක්කෙනාට ආශීර්වාදකොට, තමාගේ සැරයටියේ මුදුනට හාන්සිව නමස්කාරකළේය.
මක්නිසාද යෝසෙප්ගේ පුත්‍රයෝ වනාහි මනස්සේ සහ එප්‍රායිම් යන ගෝත්‍ර දෙකක්වූහ. ලෙවීවරුන්ට විසීම පිණිස නුවරවල්ද ඔවුන්ගේ සිව්පාවුන් හා දේපළ උදෙසා ඒ නුවරවල පිට-බිම්ද මිස දේශයේ කිසි කොටසක් ඔව්හු නුදුන්නෝය.