මෙසේ යෝසෙප් මුළු මිසර දේශය ඵාරාවෝට ගත්තේය; මක්නිසාද සියලු මිසරවරුන් කෙරෙහි සාගතය බලවත්වූ බැවින් ඔව්හු තම තමන්ගේ කෙත් වික්කෝය. දේශයද ඵාරාවෝට හිමිවිය.
අප සහ අපේ ගම්බිම් කුමක් නිසා ඔබගේ ඇස් ඉදිරියෙහි නාස්තිවී යන්නේද? අපද අපේ ගම්බිම්ද ගෙන ආහාර දුන මැනවි; අපේ ගම්බිම් ඇතුළුව අපි ඵාරාවෝට දාසයෝ වන්නෙමු. අප නොනැසී ජීවත්වන පිණිසද භූමිය පාළු නොවන පිණිසද අපට බීජ දුනමැනවයි කීවෝය.
ඔහු මිසරයේ එක් සීමා කෙළවරක පටන් අනික් සීමා කෙළවර දක්වා සෙනඟ නුවරවලට පැමිණෙවුවේය.