යෝසෙප් ඵාරාවෝ අණකළ ලෙස තමාගේ පියා සහ සහෝදරයන් පදිංචිකරවමින් මිසර දේශයේ ඉතා හොඳ පළාතවූ රමෙසෙස් නම් ප්‍රදේශයෙහි ඔවුන්ට උරුමයක් දුන්නේය.
නුඹලාට ගෝෂෙන් දේශයෙහි වාසය කරන්ට ලැබෙන පිණිස–ඔබගේ මෙහෙකරුවූ අපිද අපේ පියවරුද අපේ බාල වයසේ පටන් මේ වන තුරු සිව්පාවුන් ඇතිකරන්නෝයයි කියන්න; කුමක්හෙයින්ද සියලු එඬේරු මිසරවරුන්ට පිළිකුලකැයි කීවේය.
ඉශ්‍රායෙල්වරු මිසර දේශයේ ගෝෂෙන් පළාතෙහි වාසයකළෝය; ඔව්හු එහි ගම්බිම් බලාගෙන සඵලව අතිශයෙන් බෝවූවෝය.
මිසර දේශය නුඹ ඉදිරියෙහි තිබේ; නුඹේ පියා සහ සහෝදරයන් දේශයේ ඉතාම හොඳ පළාතෙහි වාසය කරවන්න; ගෝෂෙන් දේශයෙහි ඔව්හු වාසය කෙරෙත්වා. ඔවුන් අතරේ දක්ෂ පුරුෂයන් දන්නෙහිනම් ඔවුන් මාගේ සිව්පාවුන් කෙරෙහි ප්‍රධානීන් කොට පත්කරන්නැයි කීය.
එසේ හෙයින් ඔව්හු බරවැඩ පැවරීමෙන් ඔවුන්ට පීඩාකරන පිණිස ඔවුන් කෙරෙහි විධානවරුන් පත්කළෝය. ඔව්හු පිථොම් සහ රාම්සෙස් නම් ගබඩා නුවරවල් ඵාරාවෝ හට ගොඩනැගුවෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ රාමෙසෙස්හි සිට සුකොත්ට ගමන්කළෝය, බාලයන් හැර පයින් ගියාවූ පුරුෂයෝ සලක්ෂයක් පමණ වූවෝය.
ඔහුගේ පියාගේ වංශයේ මුළු ඉසුරවූ වංශය සහ පෙළපතද පාත්‍රා භාජන පටන් කළගෙඩි දක්වා සියලු කුඩා භාජනද ඔහු පිට එල්ලා තබනවා ඇත.
ඔව්හු පළමුවෙනි මස පසළොස් වෙනි දින රාමෙසෙස්හි සිට පිටත්වුණෝය; එසේ ඉශ්‍රායෙල් පුත්‍රයෝ පාස්කුවට පසුවදා සියලු මිසරවරුන්ගේ ඇස් ඉදිරියෙහි එසෙවුවාවූ අතක් කරණකොටගෙන පිටතට ආවෝය.
සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය.
මම ඔවුන්ට සදාකාල ජීවනය දෙමි; ඔව්හු කිසිකලකත් විනාශ නොවන්නෝය, කිසිවෙක් මාගේ අතින් ඔවුන් උදුරා නොගන්නේය.
මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය; එසේ නොවූයේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත; මක්නිසාද නුඹලාට ස්ථානයක් පිළියෙළකරන පිණිස යමි.
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: යමෙක් මට ප්‍රේමකරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂාකරන්නේය. මාගේ පියාණන්වහන්සේද ඔහුට ප්‍රේමකරනසේක, අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරමුව.
ඔබගේ පුත්‍රයාට ඔබ දුන් සියල්ලන්ට ඔහු විසින් සදාකාල ජීවනය දෙන පිණිස ඔබ සියලු මනුෂ්‍යයන් කෙරෙහි ඔහුට බලය දුන් ලෙස, පුත්‍රයා ඔබ ගෞරවයට පමුණුවන පිණිස ඔබ පුත්‍රයා ගෞරවයට පැමිණෙවුව මැනව.
පියාණෙනි, ඔබ මට දුන් මහිමය ඔබ මට දුන්නාවුන් විසිනුත් දක්නා පිණිස මා සිටින තැන ඔවුනුත් මා සමඟ සිටිනවාට කැමැත්තෙමි. මක්නිසාද ලෝකය මැවීමට පළමුවෙන් ඔබ මට ප්‍රේමකළසේක.