Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 46:32

Sinhala Revised Old Version

ඒ මනුෂ්‍යයෝ එඬේරුය, මක්නිසාද ඔව්හු සිව්පාවුන් ඇතිකරන මනුෂ්‍යයෝය; ඔව්හු තමන්ගේ එළු බැටළු රැළවල්ද තමන්ගේ ගව රැළවල්ද තමන්ට ඇති සියල්ලද ගෙනාවෝයයි ඔහුට කියන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

17 හුවමාරු යොමු  

තමාගේ සියලු සිව්පාවන්ද පදන්-අරාමේදී තමා සම්බකරගත් සියලු සම්පත්ද තමා ලබාගත් සියලු සිව්පාවන්ද රැගෙන, කානාන් දේශයට තමාගේ පියවූ ඊසාක් වෙතට යන පිණිස ගියේය.

යාකොබ්ගේ පරම්පරාවල් මේය. දහහත් අවුරුදු වයස්වූ යෝසෙප් තමාගේ සහෝදරයන් සමඟ බැටළු රැළ පෝෂණය කරමින් සිටියේය; ඔහු වනාහි තම පියාගේ භාර්යාවන්වූ බිල්හාගේද ශිල්පාගේද පුත්‍රයන් සමඟ සිටි තරුණයෙකි. යෝසෙප් ඇවිත් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන ඔවුන්ගේ පියාට දැන්නුවේය.

නැවත ඈ ඔහුගේ සහෝදරවූ ආබෙල් බිහිකළාය. ආබෙල් බැටළු පාලයෙක් වූයේය, නුමුත් කායින් ගොවියෙක් වූයේය.

ඔබ ගෝෂෙන් දේශයෙහි වාසයකරමින් ඔබද ඔබගේ දරුවෝද ඔබගේ දරුවන්ගේ දරුවෝද ඔබගේ එළු බැටළු රැළවල්ද ඔබගේ ගව රැළවල්ද ඔබ සන්තක සියල්ලෝද මා ළඟ සිටින්නහුය.

යෝසෙප් තමාගේ සහෝදරයන්ටද තම පියාගේ ගෙයි වැසියන්ටද කථාකොට: මම ඵාරාවෝ වෙතට ගොස්: කානාන් දේශයෙහි සිටියාවූ මාගේ සහෝදරයෝත් මාගේ පියාගේ ගෙයි වැසියෝත් මා වෙතට ඇවිත් සිටිති;

තවද ඵාරාවෝ නුඹලාට අඬගසා–නුඹලාගේ රක්ෂාව මොකදැයි අසන කල,

නුඹලාට ගෝෂෙන් දේශයෙහි වාසය කරන්ට ලැබෙන පිණිස–ඔබගේ මෙහෙකරුවූ අපිද අපේ පියවරුද අපේ බාල වයසේ පටන් මේ වන තුරු සිව්පාවුන් ඇතිකරන්නෝයයි කියන්න; කුමක්හෙයින්ද සියලු එඬේරු මිසරවරුන්ට පිළිකුලකැයි කීවේය.

ඵාරාවෝ: නුඹලාගේ රක්ෂාව මොකදැයි ඔහුගේ සහෝදරයන්ගෙන් ඇසුවේය. ඔබගේ මෙහෙකරුවූ අපිත් අපේ පියවරුත් එඬේරුයයි ඔව්හු ඵාරාවෝට කීවෝය.

නෝවා ගොවිකම් කරන්ට පටන්ගෙන මිදි වත්තක් වැවුවේය.

හීරාම්ද මුහුදේ කාරණා දන්නාවූ නැව්කාරයින් වන තමාගේ සේවකයන් සාලමොන්ගේ සේවකයන් සමඟ ඒ නැව්වල යැවුවේය.

මෝසෙස් වනාහි තමාගේ මාමා වූ මිදියන්හි පූජකවූ යෙත්‍රෝගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටියේය. ඔහු එළු බැටළු රැළ වනාන්තරයේ එහා පැත්තට ගෙනගොස් දෙවියන්වහන්සේගේ කන්දට එනම් හොරේබ්ට පැමිණියේය.

එඬේරෙකු මෙන් උන්වහන්සේ තමන්ගේ රැළ පෝෂ්‍යකරනසේක, බැටළුපැටවුන්ද තමන්ගේ හස්තයෙන් රැගෙන, තමන්ගේ ළයේ දරමින්, කිරිදෙන බැටළුදෙනුන් හෙමින් ගෙනයනසේක.

එකිනකොද: මම අනාගතවක්තෘ කෙනෙක් නොව ගොවියෙක්ය; මක්නිසාද මාගේ බාල වයසේ පටන් දාසකමෙහි සිටියෙමියි කියන්නේය.

නුඹේ පුත්‍රයන් හැමදෙනාම මෙහි ඉන්නවාදැයි යෙස්සේගෙන් ඇසුවේය. ඔහු කථාකොට: තව ඉතිරිව ඉන්නේ බාලයාය, ඔහු බැටළුවන් බලාගන සිටිනවායයි කීවේය, සාමුවෙල්ද: කෙනෙක් යවා ඔහු ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි කෑමට ඉඳ නොගන්නෙමුයයි යෙස්සේට කීය.

දාවිත් වනාහි බෙත්-ලෙහෙම්හි තමාගේ පියාගේ බැටළුවන් බලාගන්ට සාවුල් වෙතින් ඔබ මොබ ගියේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්