Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 46:17

Sinhala Revised Old Version

ආෂෙර්ගේ පුත්‍රයෝ, ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා සහ ඔවුන්ගේ සහෝදරීවූ සෙරාය. බෙරියාගේ පුත්‍රයෝ, හෙබෙර් සහ මල්ඛීයෙල්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

ලෙයා: මේ මාගේ වාසනාවය, මක්නිසාද මම වාසනාවන්තීයයි දූවරුන් කියනවා ඇතැයි කියා ඔහුට ආෂෙර් යන නාමය තැබුවාය.

ලෙයාගේ දාසීවූ ශිල්පාගේ පුත්‍රයෝ ගාද් සහ ආෂෙර්ය. පදන්-අරාමේදී යාකොබ් නිසා උපන් පුත්‍රයෝ මොව්හුය.

ඔව්හු ලාබන් තමාගේ දියණියවූ ලෙයාට දුන් ශිල්පාගේ පුත්‍රයෝය, ඈ යාකොබ් නිසා ඔවුන් බිහිකළාය, ඔව්හු සොළොස් දෙනෙක්ය.

ආෂෙර් කෙරෙන් ඔහුගේ පෝෂ්‍ය ආහාර හටගන්නේය, ඔහු රාජකීය රසවත් භෝජන උපදවන්නේය.

දාන්, යෝසෙප්, සහ බෙන්යමින්ය, නප්තලී, ගාද් සහ ආෂෙර්ය.

ආෂෙර් ගෝත්‍රයෙන් ඔක්‍රාන්ගේ පුත්‍රවූ පගියෙල්ය.

ඔහු ආෂෙර් ගැන කියනුයේ–ආෂෙර්ට දරුසම්පත ලැබේවා; ඔහු තමාගේ සහෝදරයන්ට ප්‍රීතියක්ව සිටීවා, තමාගේ පාදය තෙලෙහි ගල්වා ගනීවා.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්