සාබුලොන්ගේ පුත්‍රයෝ, සෙරෙද්, ඒලොන් සහ යාලෙයෙල්ය.
ඉස්සාඛර්ගේ පුත්‍රයෝ, තෝලා, පුවා, යෝබ් සහ ෂිම්රොන්ය.
මොව්හු ලෙයාගේ පුත්‍රයෝය, ඈ ඔවුන් සහ යාකොබ්ගේ දුවවූ දීනාද පදන්-අරාමේදී ඔහු නිසා බිහිකළාය. ඔහුගේ සියලු පුත්‍රයොත් දූවරුන් තිස් තුන් දෙනෙක්ය.
සාබුලොන් මුහුදු බඩ වසන්නේය. ඔහු නැව් තොටක් පිණිස වන්නේය; ඔහුගේ සීමාවද ශීදොන් දක්වා වන්නේය.
ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ නම්: රූබෙන්, සිමියොන්, ලෙවී සහ යූදාය, ඉස්සාඛර් සහ සාබුලොන්ය;
සාබුලොන් ගෝත්‍රයෙන් හේලොන්ගේ පුත්‍රවූ එලියාබ්ය.