ඔබගේ මෙහෙකරුවූ මාගේ පියාණෝ කථාකොට: මාගේ භාර්යාව මා නිසා පුත්‍රයන් දෙදෙනෙකු බිහිකළ බව නුඹලා දන්නහුය.
යාකොබ් එසේ කොට ඇගේ සතිය සම්පූර්ණ කෙළේය. එවිට ඔහු තමාගේ දූවූ රාඛෙල්ද ඔහුට භාර්යාවක් කොට දුන්නේය.
නුමුත් ඔහු: මාගේ පුත්‍රයා නුඹලා සමඟ නොයන්නේය; මක්නිසාද ඔහුගේ සහෝදරයා මෙළේය, ඉතිරිව සිටින්නේ මොහු පමණක්ය. ඉදින් නුඹලා යන මාර්ගයේදී ඔහුට අනතුරක් වුණොත් එයින් නුඹලා මාගේ පැසුණු කෙස් ශෝකයෙන් මිනීවළට පමුණුවන්නහුයයි කීය.
එවිට අපි–අපට යන්ට බැරිය. අපේ බාල සහෝදරයා අප සමඟ යන්නේ නම් යමුව. මක්නිසාද අපේ බාල සහෝදරයා අප සමඟ නොගියොත් ඒ මනුෂ්‍යයාගේ මුහුණ දකින්ට අපට අවසර නොලැබෙන්නේයයි කීමුව.
යාකොබ්ගේ භාර්යාවවූ රාඛෙල්ගේ පුත්‍රයෝ, යෝසෙප් සහ බෙන්යමින්ය.
මොව්හු යාකොබ්ට උපන් රාඛෙල්ගේ පුත්‍රයෝය. ඒ සියලු දෙනම දසසතර දෙනෙක්ය.