ඔබද: නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමඟ ආවොත් මිස නැත්නම් නුඹලා තවත් මාගේ මුහුණ දකින්නේ නැතැයි ඔබගේ මෙහෙකරුවන්ට කීයෙහිය.
යූදා ඔහුට කථාකොට: නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ නැත්නම් මාගේ මුහුණ දකින්නේ නැතැයි ඒ මනුෂ්‍යතෙමේ අපට සත්තකකොට කීවේය.
එහෙත් ඔබ ඔහු නොයවන්නෙහිනම් අපි නොයමුව. මක්නිසාද ඒ මනුෂ්‍යතෙමේ–නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ නැත්නම් මාගේ මුහුණ දකින්නේ නැතැයි අපට කීයේයයි කීය.
ළමයාට තමාගේ පියා අත් අරින්ට බැරිය. ඔහු තමාගේ පියා අත්ඇරියොත් ඔහුගේ පියා මැරේයයි අපි මාගේ ස්වාමීන්ට කීවෙමුව.
තවද අපි ඔබගේ දාසවූ මාගේ පියාණන් වෙතට පැමිණි කල්හි මාගේ ස්වාමීන්ගේ වචන ඔහුට කීවෙමුව.