Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 44:21

Sinhala Revised Old Version

ඔබද: මාගේ ඇස්වලින් ඔහු දකින පිණිස ඔහු මා වෙතට ගෙනෙන්නැයි ඔබගේ දාසයන්ට කීවෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

මෙයින් නුඹලා පරීක්ෂාකරනු ලබන්නහුය. ඵාරාවෝගේ ජීවිතය පා නුඹලාගේ බාල සහෝදරයා මෙහි ආවොත් මිස නැත්නම් නුඹලා මෙතැනින් නොයන්නහුයයි කියමි.

නුඹලාගේ බාල සහෝදරයා මා වෙතට ගෙනෙන්න; මෙයින් නුඹලාගේ වචන සැබෑවන්නේය, නුඹලාද නොනස්නහුයයි ඔවුන්ට කීය. ඔව්හු එසේ කළෝය.

ඔහු තමාගේ ඇස් ඔසවා තමාගේ මවුගේ පුත්‍රවූ තමාගේ සහෝදරවූ බෙන්යමින් දැක: නුඹලා කී නුඹලාගේ බාල සහෝදරයා මොහුදැයි අසා: මාගේ පුත්‍රය, දෙවියන්වහන්සේ නුඹට කරුණාකරනසේක්වයි කීවේය.

ළමයාට තමාගේ පියා අත් අරින්ට බැරිය. ඔහු තමාගේ පියා අත්ඇරියොත් ඔහුගේ පියා මැරේයයි අපි මාගේ ස්වාමීන්ට කීවෙමුව.

යහපත පිණිස මාගේ ඇස් ඔවුන් කෙරෙහි යොමුකොට, ඔවුන් මේ දේශයට නැවත පමුණුවන්නෙමි. ඔවුන් කඩා නොදමා ගොඩනගන්නෙමි; උදුරා නොදමා හිටවන්නෙමි.

ඉතින් නුඹේ අත් බැඳ තිබෙන දම්වැල්වලින් අද නුඹ මුදමි. මා සමඟ බබිලෝනියට එන්ට නුඹට හොඳව පෙනේ නම් එන්න, මම නුඹව හොඳට බලාගන්නෙමි; නුමුත් මා සමඟ බබිලෝනියට එන්ට නුඹට නරකව පෙනේ නම් නවතින්න. මුළු දේශය නුඹ ඉදිරියෙහිය; නුඹට යන්ට හොඳව පහසුව පෙනෙන තැනකට යන්නැයි ඔහුට කීවේය.

ඔවුන් තමුන්ගේ සතුරන් ඉදිරියෙහි වහල්කමට ගියත්, එහිදී ඔවුන් මරන හැටියට කඩුවට අණකරන්නෙමි. යහපත පිණිස නොව විපත්තිය පිණිස මාගේ ඇස් ඔවුන් දෙස යොමුකරන්නෙමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්