ඒ මනුෂ්‍යයා යෝසෙප් අණකළ ලෙස කෙළේය; ඔහු ඒ මනුෂ්‍යයන් යෝසෙප්ගේ ගෙට කැඳවාගෙන ගියේය.
යෝසෙප් ඔවුන් සමඟ බෙන්යමින් සිටිනවා දුටු කල්හි තමාගේ ගෙයි ගබඩාකාරයාට කථාකොට: මේ මනුෂ්‍යයන් ගෙට කැඳවාගන ගොස් සතුන් මරා පිළියෙළ කරන්න; මක්නිසාද මේ මනුෂ්‍යයෝ දවාලට මා සමඟ කන්නෝයයි කීවේය.
එසේ යෝසෙප්ගේ ගෙට තමන් කැඳවාගෙන ගිය බැවින් ඒ මනුෂ්‍යයෝ භයවූහ; ඔව්හු කථාකොට: අප ඇතුළට ගෙනයන්නේ පළමු වර අපේ ගෝණිවල තිබී නැවත ලැබුණු මුදල් නිසා අප පිටට වරද පමුණුවා, අප අල්ලා, අප දාසයන් කරගෙන, අපේ කොටළුවන්ද ගන්නා පිණිසයයි කීවෝය.