නුඹලාගේ බාල සහෝදරයා මා වෙතට ගෙනෙන්න; මෙයින් නුඹලාගේ වචන සැබෑවන්නේය, නුඹලාද නොනස්නහුයයි ඔවුන්ට කීය. ඔව්හු එසේ කළෝය.
මෙයින් නුඹලා පරීක්ෂාකරනු ලබන්නහුය. ඵාරාවෝගේ ජීවිතය පා නුඹලාගේ බාල සහෝදරයා මෙහි ආවොත් මිස නැත්නම් නුඹලා මෙතැනින් නොයන්නහුයයි කියමි.
නුඹලා අවංක මනුෂ්‍යයෝ නම් නුඹලාගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් නුඹලා සිටින හිරගෙයි හිර අඩස්සියේ සිටියදී නුඹලා නුඹලාගේ ගෙවල්වල හිඟකම නිසා ධාන්‍ය රැගෙන යන්න.
එසේ ඔවුන්ට කරනලද්දේය. ඔව්හු තමන්ගේ කොටළුවන් පිට ධාන්‍ය පටවාගෙන එතැනින් පිටත්ව ගියෝය.
එවිට දේශයේ අධිපතියාවූ ඒ මනුෂ්‍යයා අපට කථාකොට: නුඹලා අවංක මනුෂ්‍යයන් බව මෙයින් දැනගන්නෙමි; නුඹලාගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් මා ළඟ නවත්වා, නුඹලාගේ ගෙවල්වල හිඟකම නිසා ධාන්‍ය රැගෙන යන්න.
නුඹලාගේ බාල සහෝදරයා මා වෙතට ගෙනෙන්න. එවිට නුඹලා ඔත්තුකාරයන් නොව අවංක මනුෂ්‍යයන් බව දැනගන්නෙමි. එවිට නුඹලාගේ සහෝදරයා නුඹලාට භාරදෙන්නෙමි, නුඹලාට දේශයෙහි වෙළඳාම්කරන්ට පුළුවන කියා කීයේයයි කීවෝය.
ඔව්හු යෝසෙප්ගේ ගෙයි ගබඩාකාරයාට ළංවී ගෙයි දොරකඩදී ඔහුට කථාකරමින්:
යූදා ඔහුට කථාකොට: නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ නැත්නම් මාගේ මුහුණ දකින්නේ නැතැයි ඒ මනුෂ්‍යතෙමේ අපට සත්තකකොට කීවේය.
එහෙත් ඔබ ඔහු නොයවන්නෙහිනම් අපි නොයමුව. මක්නිසාද ඒ මනුෂ්‍යතෙමේ–නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ නැත්නම් මාගේ මුහුණ දකින්නේ නැතැයි අපට කීයේයයි කීය.
ඔබද: මාගේ ඇස්වලින් ඔහු දකින පිණිස ඔහු මා වෙතට ගෙනෙන්නැයි ඔබගේ දාසයන්ට කීවෙහිය.
ඔබද: නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමඟ ආවොත් මිස නැත්නම් නුඹලා තවත් මාගේ මුහුණ දකින්නේ නැතැයි ඔබගේ මෙහෙකරුවන්ට කීයෙහිය.
නෝවා එසේ කෙළේය; දෙවියන්වහන්සේ ඔහුට අණ කළ සියල්ල ලෙස ඔහු කෙළේය.
උන්වහන්සේගේ මෑණියෝ: උන්වහන්සේ නුඹලාට කියන කොයි දෙයක් නුමුත් කරන්නැයි මෙහෙකරුවන්ට කීවාය.