බලව, උන්ට පසුව පෙනීමට අවලක්ෂණ වූ මාංසයෙන් කෙට්ටුවූ තවත් එළදෙනුන් සත්දෙනෙක් ගංගාවෙන් නැගී අවුත් ගං ඉවුරෙහි අනික් එළ දෙනුන් ළඟ සිටියෝය.
උන්ට පසුව හීන්වූ, පෙනීමට ඉතා අවලක්ෂණවූ, කෙට්ටුවූ වෙන එළදෙනුන් සත්දෙනෙක් නැගී ආවෝය, එපමණ නරක එළදෙනුන් මුළු මිසර දේශයෙහි නුදුටිමි.
බලව, පෙනීමට ලක්ෂණවූ මාංසයෙන් තරවූ එළදෙනුන් සත්දෙනෙක් ගංගාවෙන් නැගී අවුත් පන්ගස් අතරෙහි කමින් සිටියෝය.
පෙනීමෙන් අවලක්ෂණවූ මාංසයෙන් කෙට්ටුවූ එළදෙන්නු මාංසයෙන් තරවූ එළදෙනුන් සත්දෙනා කාදැමුවෝය. එවිට ඵාරාවෝ පිබිදුණේය.
නිරාහාරව සිටීමෙන් මාගේ දණහිස් දුර්වලය; මාගේ මාංසයේ තරකමක් නැත.