මුළු මිසර දේශයෙහි ඉතා සාරවූ අවුරුදු සතක් පැමිණෙයි.
හොඳ එළදෙනුන් සත්දෙනා නම් අවුරුදු සතක්ය. හොඳ කරල් සත නම් අවුරුදු සතක්ය; ස්වප්නය එකක්මය.
ඉන් පසු සාගත අවුරුදු සතක් පැමිණෙන්නේය; එවිට ඒ මුළු සාරවත්කම මිසර දේශයෙහි මතක නැතිවන්නේය; සාගතයෙන් දේශය විනාශවන්නේය;
යෝසෙප් ධාන්‍ය මුහුදේ වැලි මෙන් රාශි වශයෙන්, ගණන් නොකර හරින තරමට රැස්කෙළේය; මක්නිසාද ඒවා ගණන්කළ නොහැකිවිය.