උන්ට පසුව හීන්වූ, පෙනීමට ඉතා අවලක්ෂණවූ, කෙට්ටුවූ වෙන එළදෙනුන් සත්දෙනෙක් නැගී ආවෝය, එපමණ නරක එළදෙනුන් මුළු මිසර දේශයෙහි නුදුටිමි.
බලව, මාංසයෙන් තරවූ, පෙනීමට ලක්ෂණවූ එළදෙනුන් සත්දෙනෙක් ගංගාවෙන් නැගී ඇවිත් පන්ගස් අතරේ කමින් සිටියෝය.
කෙට්ටුවූ අවලක්ෂණවූ එළදෙන්නු තරවූ පළමු එළදෙනුන් සත්දෙනා කාදැමුවෝය.
බලව, උන්ට පසුව පෙනීමට අවලක්ෂණ වූ මාංසයෙන් කෙට්ටුවූ තවත් එළදෙනුන් සත්දෙනෙක් ගංගාවෙන් නැගී අවුත් ගං ඉවුරෙහි අනික් එළ දෙනුන් ළඟ සිටියෝය.
යම් කැලලක් නොහොත් යම් විරූපකමක් ඇති ගොනෙක්වත් බැටළුවෙක්වත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා නොකරන්න. මක්නිසාද එය නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.