Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 41:14

Sinhala Revised Old Version

එවිට ඵාරාවෝ පණිවිඩ යවා යෝසෙප් කැඳවීය, ඔව්හු වහාම ඔහු ඇඳිරිගෙයින් ගෙනාවෝය. ඔහු රැවුළ කපාගෙන තමාගේ වස්ත්‍ර මාරුකර ඵාරාවෝ වෙතට ආයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

13 හුවමාරු යොමු  

සාවුල්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් රජුගේ පෙරමගට ආයේය; ඔහු රජු ගිය දා පටන් සමාදානයෙන් ආ දවස දක්වා තමාගේ පාදත් රැවුලත් හරිගස්සා ගත්තේවත් තමාගේ ඇඳුම් සේදුවේවත් නැත.

ඔහුගේ හිරකාර ඇඳුම්ද මාරුකෙළේය, තවද ඔහු තමාගේ ජීවිතයේ සියලු දවස්වල නිතරම රජු ඉදිරියෙහි කෑම කෑවේය.

තවද තුන්වෙනිදා එස්තර් රාජවස්ත්‍ර පැළඳගන රජගෙය ඉදිරිපිට තිබුණ රජගෙයි ඇතුල් මිදුලට ගොස් සිටියාය. රජ තෙමේ රජගෙයි රාජ සිංහාසනයෙහි ගෙයි දොරකඩ ඉදිරිපිට වැඩහුන්නේය.

එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් හණික කැඳවා: මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් නුඹලාටත් විරුද්ධව පව්කෙළෙමි.

මක්නිසාද ඔහු රජවෙන්ට හිරගෙයින් පිටතට ආයේය; එසේය, ඔහු තමාගේ රාජ්‍යයෙහි දිළින්දෙක්ව උපන්නේය.

මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.

සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.

එකල අරියොක් තෙමේ දානියෙල් රජු ඉදිරියට ඉක්මනින් කැඳවාගෙන ගොස්, රජුට කථාකොට: යූදා රටෙන් අල්ලාගන ආ තැනැත්තන් අතරෙහි රජුට අර්ථය දන්වන මනුෂ්‍යයෙක් මට සම්බවීයයි කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්