එවිට කුසලාන දරන්නන්ගේ නායකයා තමාගේ හීනය යෝසෙප්ට කියනුයේ: බලව, හීනෙන් මුද්‍රික වැලක් මා ඉදිරියෙහි තිබුණේය.
ඉක්බිති මිසරයේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නාද පූප සාදන්නාද තමන්ගේ ස්වාමිවූ මිසරයේ රජ්ජුරුවන්ට විරුද්ධව වරද කළෝය.
ඒ මුද්‍රික වැලේ අතු තුනක් තිබුණේය. ඒක දළු දමා එහි මල් අටගත්තාක් මෙන්ද විය; එහි වලුවල ඉදුණු මිදි පල තිබුණේය.
ඵාරාවෝ තමන් ඇමතියන් දෙදෙනාවූ කුසලාන දරන්නන්ගේ නායකයා කෙරෙහිද පූප සාදන්නන්ගේ නායකයා කෙරෙහිද උදහස්ව
ඔව්හුද: අපි හීනයක් දුටිමුව, ඒකේ තේරුම කියාදෙන්ට පුළුවන් කෙනෙක් නැත්තේයයි ඔහුට කීවෝය. තේරුම කියාදීම දෙවියන්වහන්සේට අයිති නොවේද? එය මට කියන්නැයි යෝසෙප් ඔවුන්ට කීවේය.
රජ්ජුරුවෙනි, ඔබ මහත් රූපයක් දුටුවෙහිය. ඒ රූපය මහත්ව ඉතා දීප්තිමත්ව තිබුණේය, ඒක ඔබ ඉදිරියෙහි සිටියේය; ඒකේ පෙනීමද භයංකරය.
අන්තිමේදී මාගේ දෙවියන්ගේ නාමය ලෙස බේල්ටෙෂශර් නම්වූ, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඇත්තාවූ දානියෙල් මා ඉදිරියට ආයේය. මම ඔහු ඉදිරියෙහි ස්වප්නය මෙසේ කීවෙමි: