නුඹලා අද මලානිකව සිටින්නේ මක්නිසාදැයි ස්වකීය ස්වාමියාගේ ගෙයි තමා සමඟ හිරේ සිටි ඵාරාවෝගේ ඒ ඇමතියන්ගෙන් ඔහු ඇසුවේය.
යෝසෙප් උදය ඔවුන් වෙතට ආ කල ඔවුන් ශෝකයෙන් ඉන්න බව දුටුවේය.
මෙසේ කියා ඔහු ඔවුන් සියල්ලන් තුන් දවසක් එකට හිරගෙයි තැබුවේය.
ඔහු: රාජ පුත්‍රය, නුඹ දවසින් දවස මෙසේ කෘශවෙන්නේ මක්නිසාද? මට කියන්නේ නැද්දැයි ඔහුට කීය. එවිට අම්නොන්: මාගේ සහෝදරයා වන අබ්සලොම්ගේ සහෝදරීවූ තාමර්ට ආලය ඇත්තෙමියි ඔහුට කීය.
එවිට රජු මට කථාකර: නුඹට අසනීපයක් නැති කොට නුඹේ මුහුණ මලානිකව තිබෙන්නේ මන්ද? මේක සිතේ කනගාටුවක් මිස වෙන කිසිවක් නොවේයයි කීවේය.
උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා කථාකර කර යන්නාවූ මේ කාරණා මොනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු දුක්ඛිත මුහුණුවලින් යුක්තව නැවතුණෝය.
ඔහු උත්තරදෙමින්: මා සෑදූ මාගේ දේවතාවන් සහ පූජකයාද නුඹලා ගෙනගියහුය, තවත් මට ඇත්තේ කිමෙක්ද? නුඹට වෙලා තිබෙන්නේ මොකද කියා නුඹලා මාගෙන් අසන්නේ කොහොමදැයි කීවේය.
එවිට ඇගේ පුරුෂයාවූ එල්කානා ඈට කථාකොට: හන්නා, නුඹ අඬන්නේ මන්ද? නොකා සිටින්නේ මන්ද? නුඹේ සිත ශෝකව තිබෙන්නෙත් මක්නිසාද? මා පුත්‍රයන් දසදෙනෙකුට වඩා නුඹට හොඳ නැද්දැයි කීවේය.