Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 40:4

Sinhala Revised Old Version

රැකවලුන්ගේ නායකයා ඔවුන් යෝසෙප්ට භාරකෙළේය, ඔහු ඔවුන්ට සේවය කෙළේය. ඔව්හුද කාලයක් හිරගෙයි සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

මිදියන්වරු ඔහු මිසරයේදී ඵාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකද වූ පෝතිඵර්ට වික්කෝය.

යෝසෙප් මිසරයට ගෙනයන ලද්දේය; ඵාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකයාද වූ මිසරයෙක් වන පෝතිඵර් ඔහු එහි ගෙනගිය ඉෂ්මායෙල්වරුන්ගෙන් ඔහු මිලේට ගත්තේය.

ඔවුන් යෝසෙප් හිර අඩස්සියේ සිටි ස්ථානයවූ රැකවලුන්ගේ නායකයාගේ ගෙය වන හිරගෙයි දැම්මේය.

හිරගෙයි බඳනාලද්දාවූ මිසරයේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නාද පූප සාදන්නාද යන දෙදෙනාම තම තමාට අදාළවූ අර්ථ ඇති හීනයක් එක රාත්‍රියේම දුටුවෝය.

මෙසේ කියා ඔහු ඔවුන් සියල්ලන් තුන් දවසක් එකට හිරගෙයි තැබුවේය.

ඔබගේ මාර්ගය ස්වාමීන්ට භාරදෙව; උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව, උන්වහන්සේ එය ඉෂ්ටකරනසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්