පූප සාදන්නන්ගේ නායකයා ඒ අර්ථ කීම යහපත් බව දැක යෝසෙප්ට කියනුයේ: මමත් හීනයක් දුටිමි, බලව, මාගේ හිස පිට සුදු රොටි පෙට්ටි තුනක් තිබුණේය.
මක්නිසාද සැබවින් මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් සොරකම් කරනු ලැබීමි. මෙහිදීත් මම ඇඳිරිගෙයි දමනු ලැබීමට කිසිවක් නොකෙළෙමියි කීය.
ඉහළම පෙට්ටියේ ඵාරාවෝට සාදනලද සියලු ආකාර පූප තිබුණේය; පක්ෂීහු මාගේ හිස පිට තිබුණු පෙට්ටියෙන් ඒවා කෑවෝයයි කීවේය.