Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 4:9

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ: නුඹේ සහෝදරවූ ආබෙල් කොහේදැයි කායින්ට කීසේක. ඔහුද: මම නොදනිමි; මම මාගේ සහෝදරයාගේ රැකවලාදැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

එවිට යූදා තම සහෝදරයන්ට කථාකොට: අපගේ සහෝදරයා මරා ඔහුගේ ලේ සැඟවීමෙන් කවර ප්‍රයෝජනයක්ද?

අත් ඇති ඒ දිග වස්ත්‍රය තමන් පියා ළඟට යවමින්: මේක අපට සම්බවුණේය; මේක ඔබගේ පුත්‍රයාගේ සළුවද නැද්දැයි බැලුව මැනවැයි කීවෝය.

උන්වහන්සේ: නුඹ කුමක් කෙළෙහිද? නුඹේ සහෝදරයාගේ ලෙයේ ශබ්දය භූමියෙන් මට හඬගසයි.

මක්නිසාද ලේ ගැන විභාග කරන්නාවූ උන්වහන්සේ ඔවුන් සිහිකරනසේක. දිළිඳාගේ මොරගැසීම මතකනැති නොකරනසේක.

මා විසින් ඔබගේ ප්‍රශංසා සියල්ල ප්‍රකාශකරන පිණිසද, සියොන් දුවගේ දොරටුවලදී ඔබගේ ගැළවීම කෙරෙහි ප්‍රීතිවන පිණිසද,

තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.

නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්