ස්වාමීන්වහන්සේ කායින්ට කථාකොට: නුඹ කෝපව සිටින්නේ මන්ද? නුඹේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක්නිසාද?
නුඹ යහපත කෙරෙහිනම් පිළිගනු නොලබන්නෙහිද? යහපත නොකෙරෙහි නම් පාපය දොරකඩ ලැග සිටියි; ඒකේ ආශාව නුඹ කෙරෙහි වන්නේය, නුඹද එය කෙරෙහි ආණ්ඩුකරන්නෙහියයි කීසේක.
මක්නිසාද නොසතුටුභාවය අඥානයා නසන්නේය, ඊර්ෂ්‍යාවද නුවණ නැත්තා මරන්නේය.
ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය.
එම්බා වංශය, ස්වාමීන්වහන්සේගේ වචනය බලන්න. මම ඉශ්‍රායෙල්වරුන්ට කාන්තාරයක්ව නොහොත් ඝනාන්ධකාර දේශයක්ව සිටියෙම්ද? අපි නිදහසට පැමුණුණෙමුව, අපි තවත් ඔබ ළඟට නොඑන්නෙමුයයි මාගේ සෙනඟ කියන්නේ මක්නිසාද?
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ පියවරුන් මා වෙතින් ඈත්වී දේවරූප පස්සේ ගොස් නිෂ්ඵලකම් කළේ මා තුළ මොන අධර්මිෂ්ඨකමක් සම්බවූ නිසාද?
නුමුත් ස්වාමීන්වහන්සේ: කෝපවෙන්ට නුඹට යුතුදැයි කීසේක.
ලබුවැල ගැන කෝපවෙන්ට නුඹට යුතුදැයි දෙවියන්වහන්සේ යෝනාට කීසේක. මැරෙන තරම් කෝපවෙන්ට මට යුතුයයි ඔහු කීවේය.
මා සන්තක දෙයින් මාගේ කැමැත්ත කිරීම යුතු නැද්ද? මා යහපත් නිසා නුඹේ ඇස නපුරුදැයි කීවේය.