ලාමෙක් භාර්යාවන් දෙදෙනෙකු පාවාගත්තේය; එක් තැනැත්තියකගේ නම ආදාය, අනික් තැනැත්තියගේ නම ශිල්ලාය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා තනියම සිටීම හොඳනැත; ඔහුට සුදුසු සහකාරියක් සාදාදෙන්නෙමියි කීසේක.
එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.
ඒනොක් හට ඊරාද් උපන්නේය; ඊරාද්ට දාව මෙහුයායෙල් උපන්නේය; මෙහුයායෙල්ට දාව මෙතුෂායෙල් උපන්නේය; මෙතුෂායෙල්ට දාව ලාමෙක් උපන්නේය.
ආදා යාබල් බිහිකළාය; ඔහු කූඩාරම්වල වාසයකරන්නාවූ ගෝපාලයන්ගේ පියාය.
ලාමෙක් තමාගේ භාර්යාවන්ට කථාකොට: ආදා සහ ශිල්ලා, මාගේ හඬ අසව්; ලාමෙක්ගේ භාර්යාවෙනි, මාගේ බසට කන්දෙව්; මට තුවාල කළ නිසා මිනිසෙක්ද මට රිදවූ නිසා යෞවනයෙක්ද මැරීමි;
යෙහෝයාදා ඔහුට භාර්යාවන් දෙදෙනෙකු ගෙනදුන්නේය; ඔහුට දාව පුත්‍රයොත් දූවරුත් උපන්නෝය.
උන්වහන්සේද: නුඹලාගේ සිත් දැඩිකම නිසා මෝසෙස් නුඹලාගේ භාර්යාවන් අත්හරින්ට ඉඩදුන්නේය. නුමුත් පටන්ගැන්මේ සිට එසේ නොවූයේයයි ඔවුන්ට කීසේක.