එවිට කායින් ස්වාමීන්වහන්සේට කථාකොට: මාගේ දඬුවම දැරිය නොහැකි තරම් මහත්ය.
නුඹ භූමිය වගාකරන කල ඈ මෙතැන් පටන් ඇගේ සාරවත්කම නුඹට නොදෙන්නීය. නුඹ පොළොවෙහි පලායන්නෙක්ද තැනින් තැන යන්නෙක්ද වන්නෙහියයි කීසේක.
බැලුව මැනව, ඔබවහන්සේ අද දවසෙහි භූමිතලයෙන් මා එළෙවුසේක; මමද ඔබවහන්සේ ඉදිරියෙන් සැඟවෙන්නෙමි; පොළොවෙහි පලායන්නෙක්ද තැනින් තැන යන්නෙක්ද වන්නෙමි; තවද මා සම්බවෙන කවරෙක් නුමුත් මා මරන්නේයයි කීය.
තමා අන්ධකාරයෙන් මිදෙන්නේය කියා ඔහු විශ්වාස නොකරයි; ඔහු කඩුවට නියමව සිටින්නේය.
නුඹේ සල්ලාලකමද නුඹේ පිළිකුල්කම්ද නුඹම දැරුවෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔව්හු තමුන්ගේ වේදනාද වණද නිසා ස්වර්ගයේ දෙවියන්වහන්සේට අපහාසකළෝය; තමුන්ගේ ක්‍රියා ගැන පශ්චාත්තාප නූණෝය.
අහසෙන් මහත් ගල්වර්ෂාවක්ද මනුෂ්‍යයන් පිටට වැස්සේය, එහි එක එක ගල තලෙන්තයක් පමණ බරය. මනුෂ්‍යයෝ ගල්වර්ෂාවේ පීඩාව නිසා දෙවියන්වහන්සේට අපහාසකළෝය; මක්නිසාද එහි පීඩාව ඉතා මහත්විය.
මහත් උෂ්ණයකින් මනුෂ්‍යයෝ දවනු ලැබ, මේ පීඩා කෙරෙහි බලය ඇති දෙවියන්වහන්සේගේ නාමයට අපහාසකළෝය; උන්වහන්සේට ගෞරවය දෙන ලෙස ඔව්හු පශ්චාත්තාපනූණෝය.