එවිට යෝසෙප්ගේ ස්වාමියා ඔහු ගෙන රජහුගේ හිරකාරයන් බඳිනලද ස්ථානයවූ හිරගෙයි දැමීය. එහි ඔහු හිරගෙයි සිටියේය.
මක්නිසාද සැබවින් මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් සොරකම් කරනු ලැබීමි. මෙහිදීත් මම ඇඳිරිගෙයි දමනු ලැබීමට කිසිවක් නොකෙළෙමියි කීය.
සැබවින් මනුෂ්‍යයාගේ උදහසින් ඔබට ප්‍රශංසා ලැබෙන්නේය. උදහසේ ඉතිරි කොටස ඔබ ආයුධ කොට බැඳගන්නාසේක.
උන්වහන්සේ බලහත්කාරකමෙන්ද විනිශ්චයෙන්ද පහකරනු ලැබූසේක. ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් උන්වහන්සේ සිඳදමනු ලැබූ බව උන්වහන්සේගේ පරම්පරාවෙහි කවරෙක් කල්පනාකළේද? උන්වහන්සේ තළනු ලැබුවේ මාගේ සෙනඟගේ වරද නිසාය.
එවිට අධිපතීහු යෙරෙමියා කෙරෙහි උදහස්වී, ඔහුට තළා, යොනාතාන් ලේකමගේ ගෙයි ඔහු හිරඅඩස්සිකළෝය; මක්නිසාද ඔවුන් ඒක හිරගෙයක් කර තිබුණේය.
ඒ ශුභාරංචිය නිසා වරදකාරයෙකු මෙන් බැඳුම් යන දුක පවා විඳිමි; නුමුත් දෙවියන්වහන්සේගේ වචනය බැඳලා නැත.
තවත් අය සරදම්වලින්ද පහරවලින්ද, එසේය, බැඳුම්වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරික්ෂාකරනු ලැබුවෝය.
මක්නිසාද යමෙක් දෙවියන්වහන්සේ කෙරෙහිවූ හෘදයසාක්ෂිය නිසා අයුතුලෙස පීඩා විඳිමින් දුක් ඉවසන්නේ වී නම්, ඒක ප්‍රශංසනීය දෙයක්ය.