මේ වචන ප්‍රකාරයටම ඈ ඔහුට කථාකරමින්: නුඹ අප වෙතට ගෙනාවාවූ හෙබ්‍රෙව් වැඩකාරයා මට නින්දාකරන්ට මා ළඟට ආයේය.
බලන්න, හෙතෙම අපට නින්දාකරන පිණිස හෙබ්‍රෙව් මනුෂ්‍යයෙකු අප වෙතට ගෙනායේය; ඔහු මා සමඟ සයනයකරන පිණිස මා වෙතට ආයේය, මම මහත් හඬකින් මොරගැසීමි.
ඔහුගේ ස්වාමියා ගෙදර එනතුරු ඈ ඔහුගේ සළුව තමා ළඟ තබාගත්තාය.
එහෙත් මා හඬනගා මොරගැසූ විට ඔහු තමාගේ සළුව මා වෙත දමා පිටතට පලාගියේයයි කීවාය.
තවද ආහබ් එලියා දුටු විට ඔහුට කථාකොට: ඉශ්‍රායෙල් කලඹන තැනැත්තේ නුඹදැයි ඔහුට කීවේය.
දුප්පතා සහ දිළිඳා හෙළාදමන පිණිසත් අවංකලෙස හැසිරෙන්නන් මරණ පිණිසත් දුෂ්ටයෝ කඩුව ඇද්දෝය, දුන්නද තැත්කැවුවෝය.
මක්නිසාද ඔව්හු මා පිට අයුතුකම් පවරති, තරහෙන් මට පීඩාකෙරෙති.
නුඹේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව.
බොරු ප්‍රවෘත්තියක් පතළ නොකරන්න. අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෙකු වීමට දුෂ්ටයෙකුට නුඹේ අත නොදෙන්න.
සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි; එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.
බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නා නිදහස් නොවන්නේය.
බොරු සාක්ෂිකාරයා දඬුවම් නොලැබ නොසිටියි; මුසාවාද නික්මවන්නාද නැතිවෙයි.
බොරුකාර දිව එයින් තුවාලවූවන්ට වෛරකරයි; ඉච්චා මුඛයද නාස්තිය උපදවයි.
එවිට උත්තම පූජකයා තමාගේ වස්ත්‍ර ඉරාගෙන: මොහු දෙවියන්වහන්සේට අපහාසකෙළේය. සාක්ෂිකාරයන්ගෙන් අපට තවත් කම මොකද? මොහුගේ දේවඅපහාසය දැන් නුඹලාට ඇසුණේය.