යූදා ඕනාන්ට කථාකොට: නුඹේ සහෝදරයාගේ භාර්යාව වෙත පැමිණ මළ සහෝදරයා වෙනුවට ඈ පාවාගැනීමෙන් නුඹේ යුතුකම ඉෂ්ටකර නුඹේ සහෝදරයාට වංශයක් උපදවන්නැයි කීයේය.
එවිට වැඩිමහල් තැනැත්තී බාල තැනැත්තියට කථාකොට: අපේ පියා මහලුය, මුළු පොළොවේ ව්‍යවහාරය ලෙස අප කරා පැමිණෙන්ට පොළොවෙහි පුරුෂයෙක් නැත්තේය.
නුඹේ සහෝදරයාගේ භාර්යාවගේ නග්නභාවය නොහරින්න. එය නුඹේ සහෝදරයාගේ නග්නභාවය.
නායොමිද: මාගේ දූවරුනි, හැරී යන්න. මා සමග යන්නේ මොකටද? නුඹලාට පුරුෂයෝ වෙන්ට මාගේ කුසෙහි තවත් පුත්‍රයෝ ඇද්ද?