යූදා ඈ දැක, මුහුණ වසාගෙන සිටි බැවින් ඈ වේශ්‍යාවකැයි සිතුවේය.
ෂේලා වැඩිවිය පැමිණ සිටි නුමුත් තමා ඔහුට භාර්යා කොට පාවාදෙනු නොලැබූ බව දුටු බැවින් ඈ තමාගේ කනවැන්දුම් වස්ත්‍ර පහකොට තමාගේ මුහුණු වැස්ම දමා පොරවාගෙන තිම්නාවට යන මාර්ගයෙහි වූ ඒනයිම් නම් දොරටුවේ හිඳගත්තාය.
ඈ තමාගේ ලේලී බව ඔහු නොදැන මාර්ගයෙහිදී හැරී ඈ ළඟට ගොස්: එන්න, නුඹ වෙත පැමිණෙන්ට මට ඉඩ අරින්නැයි කීවේය. ඈද: නුඹ මා කරා පැමිණෙන පිණිස මට කුමක් දෙන්නෙහිදැයි ඇසුවාය.
එවිට වේශ්‍යාවකුගේ වස්ත්‍ර ඇඳ සිටි රැවටිලි සිත් ඇති ස්ත්‍රියෙක් ඔහුට මුණගැසුණාය.
නොහොත් වේශ්‍යාවියෙකුට එක්වූ තැනැත්තේ එකම ශරීරය වන බව නොදනිවුද? මක්නිසාද: දෙදෙනම එක මාංසය වන්නෝයයි උන්වහන්සේ කියනසේක.