ඒ කාලයේ යූදා තමාගේ සහෝදරයන් වෙතින් අහක්ව අදුල්ලමියයෙක්වූ හීරා නම් මනුෂ්‍යයෙකු වෙතට ගියේය.
කල්යාමෙන් ෂුවාගේ දූවූ, යූදාගේ භාර්යාව මළාය; යූදා සැනසුණායින් පසු තමාගේ මිත්‍රවූ අදුල්ලමියවූ හීරා සමඟ තමන් බැටළුවන්ගේ ලොම් කපන්නන් වෙත තිම්නාවට ගියේය.
යූදා ඒ ස්ත්‍රිය අතින් තමාගේ උකස ගන්න පිණිස අදුල්ලමියවූ තමාගේ මිත්‍රයා අත එළුපැටවා යැවීය.
ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් ගොයම් කපන කාලයේදී ගොස් දාවිත් සිටි අදුල්ලම් ගුහාවට බැස ගියෝය; පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපායිම් මිටියාවතෙහි කඳවුරු බැඳගෙන උන්නාහ.
එක් දවසක් එලිෂා ෂුනෙම්ට ගියේය. එහි සිටි උත්තම ස්ත්‍රියෙක් කෑම කන්ට ඔහුට පෙරැත්තකළාය. මෙසේ ඔහු යන එන සෑම විටම කෑම කන පිණිස එහි නැවතුණේය.
ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.
මෝඩකම් අත්හැර ජීවත්වෙන්න; ප්‍රඥා මාර්ගයෙහි යන්න.
එම්බා මරේෂාහි වාසය කරන්නිය, නුඹ හිමිකරගන්නා නැවත නුඹ ළඟට පමුණුවන්නෙමි. ඉශ්‍රායෙල්ගේ තේජස අදුල්ලාම්ට පවා පැමිණෙන්නේය.
ලිබ්නාහි රජ එක්කෙනෙක්ය; අදුල්ලාම්හි රජ එක්කෙනෙක්ය;
යර්මූත්ද අදුල්ලාම්ද සෝකෝද අශේකාද,
යායෙල් සිසෙරාගේ පෙරමගට ගොස්: මාගේ ස්වාමිනි, ඇතුළට අව මැනවි; භයනොවී මා ළඟට ඇතුළට අවමැනවියි ඔහුට කීවාය. ඔහු ඈ සමඟ කූඩාරමට ගියේය, ඈ පලස් රෙද්දකින් ඔහු වැසුවාය.
එවිට දාවිත් එතනින් ගැළවී ගොස් අදුල්ලාම්හි ගුහාවට පැමුණුණේය. ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝද ඒ අසා එහි ඔහු ළඟට ගියෝය.