Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 37:23

Sinhala Revised Old Version

යෝසෙප් තමාගේ සහෝදරයන් වෙතට ආකල ඔවුන් යෝසෙප්ගේ සළුව, එනම් ඔහු ඇඳලා තිබුණු අත් ඇති දිග වස්ත්‍රය ගළවාගෙන

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

රූබෙන් ඔහු ඔවුන්ගේ අත්වලින් මුදා ඔහුගේ පියාට නැවත භාරදෙන අදහසින් ඔවුන්ට කථාකොට: ලේ නොවගුරුවා වනයෙහි තිබෙන මේ වළේ ඔහු දමන්න; එහෙත් ඔහු පිට අත් හෙළන්ට එපායයි කීය.

ඔහු අරන් වළේ දැමුවෝය. ඒ වළ වතුර නැතුව හිස්ව තිබුණේය.

යෝසෙප් ඉශ්‍රායෙල්ගේ වෘද්ධ වයසේ පුත්‍රයා බැවින් ඔහු තමාගේ සියලු පුත්‍රයන්ට වඩා ඔහුට ආදරයවූයේ, අත් ඇති දිග වස්ත්‍රයක් ඔහුට සාදාදුන්නේය.

ඔව්හු තම තමන් අතරේ කථාකොට: අපේ සහෝදරයා අපට කන්නලව්කරද්දී, ඔහුගේ හෘදය වේදනාව දැකලාත්, අප ඔහුට කන් නුදුන් හෙයින් සැබවින් අපි ඔහු ගැන වැරදිකාරයෝය; එබැවින් මේ විපත්තිය අපට පැමිණ තිබේයයි කීවෝය.

ඈ නානා වර්ණ වස්ත්‍රයක් ඇඳගෙන සිටියාය. මක්නිසාද රජුගේ කන්‍යා දූවරු එබඳු සළු ඇන්දෝය. ඔහුගේ වැඩකාරයා ඈ පිටතට ඇර දොරේ අගුළුදැමුවේය.

මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදා ගනිති, මාගේ සළුව පිණිස පසඇට දමති.

ඔව්හු උන්වහන්සේගේ ඇඳුම් ගළවා, රතු සළුවක් උන්වහන්සේට හැඳෙවුවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්