ඔහුද: මාගේ සහෝදරයන් සොයමි. ඔවුන් රැළ කවන්නේ කොතනද කියා මට කියන්නැයි කීවේය.
බලව, ඔහු කෙතෙහි එහා මෙහා යනවා එක්තරා මනුෂ්‍යයෙක් දැක: කුමක් සොයන්නෙහිදැයි ඔහුගෙන් ඇසීය.
ඒ මනුෂ්‍යයා: ඔව්හු මෙතැනින් පිටත්ව ගියෝය. මක්නිසාද දොතාන්ට යමුයයි ඔවුන් කියනවා මට ඇසුණේයයි කීය. යෝසෙප් තමාගේ සහෝදරයන් සොයා ගියේය, ඔව්හු දොතාන්හිදී ඔහුට සම්බවුණෝය.
මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්ත, නුඹේ රැළට කවන්නේ කොහේද? ඉරමුදුන් වේලේ උන් ලග්ගවන්නේ කොහේද කියා මට දන්වන්න. නුඹේ යහළුවන්ගේ රැළවල් ළඟ මුහුණ වසාගත්තියෙකු මෙන් සිටින්ට ඕනෑ මන්ද?
මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැතිවූ දේ සොයන්ටද ගළවාගන්ටද ආයේයයි කීසේක.