Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 36:9

Sinhala Revised Old Version

සේයිර් කඳුකරයෙහි වූ ඒදොම්වරුන්ගේ පියවූ ඒසව්ගේ පරම්පරාවල් මේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

වැඩිමහල් තැනැත්තී පුත්‍රයෙකු බිහිකර ඔහුට මෝවබ්යයි නම් තැබුවාය. ඔහු අද දක්වා මෝවබ්වරුන්ගේ පියාණෝය.

තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය.

ඔහු ඔවුන්ට අණකරමින්: නුඹලා මාගේ ස්වාමිවූ ඒසව්ට කථාකොට: ඔබගේ මෙහෙකරුවූ යාකොබ් මෙසේ කියන්නේය–මම ලාබන් වෙත මේ දක්වා නැවතී සිටියෙමි.

ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍ර එලිඵස්ය, ඒසව්ගේ භාර්යාව වූ බාසෙමත්ගේ පුත්‍ර රෙවුයෙල්ය.

අධිපතිවූ මග්දීයෙල් සහ අධිපතිවූ ඊරාම්ය. තම තමන් සන්තක දේශයෙහි තමන්ගේ වාසස්ථාන ප්‍රකාරයට ඒදොම්හි අධිපතියෝ මොව්හුය. මෙය ඒදොම්වරුන්ගේ පියවූ ඒසව්ගේ පෙළපතය.

ඒසව් වනාහි සේයිර් කන්දෙහි විසුයේය. ඒසව් නම් ඒදොම්ය.

සිමියොන්ගේ පුත්‍රයෝ වන ඔවුන්ගෙන් සමහර දෙනෙක් එනම් මනුෂ්‍යයන් පන්සියයක් ඉෂීගේ පුත්‍රවූ පෙලතියාද නෙයරියාද රෙපායාද උස්සීයෙල්ද ප්‍රධානකමට තබාගෙන සේයිර් කන්දට ගොස්,

ඔබදියාගේ දර්ශනයය. ස්වාමිවූ දෙවියන්වහන්සේ ඒදොම් ගැන මෙසේ කියනසේක: නැගිටින්න, අපි ඈට විරුද්ධව යුද්ධයට නැගිට යමුයයි කියන්ට ජාතීන් අතරට පණිවිඩකාරයෙක් අරිනු ලැබුවේය යන ආරංචිය ස්වාමීන්වහන්සේ වෙතින් ලැබීමුව.

ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න; මක්නිසාද සේයිර් කඳුකරය උරුමයක් කොට ඒසව්ට මා විසින් දී තිබෙන බැවින් ඔවුන්ගේ දේශයෙන් පියවරක් පමණවත් නුඹලාට නොදෙන්නෙමි.

ඊසාක්ට යාකොබ්ද ඒසව්ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරයද උරුමයක් කොට දුනිමි; යාකොබ්ද ඔහුගේ පුත්‍රයෝද මිසරයට ගියෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්