ඔහොලිබාමා යෙවූෂ්ද යලාම්ද කොරාද බිහිකළාය. කානාන් දේශයේදී ඒසව්ට උපන්නාවූ පුත්‍රයෝ මොව්හුය.
ඊසාක්ද මහලුව දවස් සම්පූර්ණව ප්‍රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය. ඔහුගේ පුත්‍රයෝවූ ඒසව්ද යාකොබ්ද ඔහු තැන්පත්කළෝය.
ශිබෙයොන්ගේ දුව වන අනාගේ දූවූ ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ මොව්හුය. ඈ ඒසව් නිසා යෙවූෂ්ද යලාම්ද කොරාද බිහිකළාය. ඒසව්ගේ පුත්‍රයන්ගේ අධිපතියෝ මොව්හුය.
ඒසව්ගේ භාර්යාවවූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම් අධිපතිවූ යෙවූෂ්, අධිපතිවූ යලාම් සහ අධිපතිවූ කොරාය. මොව්හු අනාගේ දූවූ ඒසව්ගේ භාර්යාවවූ ඔහොලිබාමාගෙන් පැවත ආ අධිපතියෝය.
ආදා ඒසව් නිසා එලිඵස් බිහිකළාය; බාසෙමත්ද රෙවුයෙල් බිහිකළාය;
ඒසව් තමාගේ භාර්යාවන්ද පුත්‍රයන්ද දූවරුන්ද තමාගේ ගෙයි සියලු මනුෂ්‍යයන්ද තමාගේ ගවයන්ද තමාගේ සියලු මෘගයන්ද කානාන් දේශයෙහිදී තමා සපයාගත් සියලු සම්පත්ද රැගෙන තමන් සහෝදරවූ යාකොබ්ගෙන් වෙන්ව වෙන දේශයකට ගියේය.
ඒසව්ගේ පුත්‍රයෝ නම්: එලීපස්, රූවෙල්, යෙවුෂ්, යලාම් සහ කෝරාය.