අක්බොර්ගේ පුත්‍රවූ බාල්-හානන් මළේය, ඔහු වෙනුවට හදර් රජකම්කෙළේය. ඔහුගේ නුවරේ නම පායූය; ඔහුගේ භාර්යාවගේ නාමය මෙහෙතාබල්ය, ඈ මෙසාහබ්ගේ දූවූ මත්රෙද්ගේ දූය.
ෂාවුල් මළේය, ඔහු වෙනුවට අක්බොර්ගේ පුත් බාල්-හානන් රජකම්කෙළේය.
තම තමන්ගේ පෙළපත් සහ ඉඩම් ප්‍රකාරයට නාම වශයෙන් ඒසව්ගෙන් පැවත ආ අධිපතීන්ගේ නාමවල් නම්: අධිපතිවූ තිම්නා, අධිපතිවූ අල්වා, අධිපතිවූ යෙතේත්;
බාල්-හානාන් මැරුණායින් පසු හදද් ඔහු වෙනුවට රජකම්කෙළේය; ඔහුගේ නුවර නම පායිය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබෙල්ය, ඈ මේ-සාහාබ්ගේ දුවවූ මට්රේද්ගේ දුවය. හදද් මළේය.
එවිට ඒදොම්හි අධිපතියෝ විස්මයට පත්වූවෝය; වෙවුලුම මෝවබ්හි බලවන්තයන් අල්වාගනී. කානාන්හි සියලු වැසියෝ දියව ගියෝය.