යාකොබ් වනාහි දෙවියන්වහන්සේ ඔහු සමඟ කථාකළ ස්ථානයට බෙතෙල් යන නම තැබීය.
ඒ ස්ථානයට බෙතෙල්යයි නම් තැබීය. එහෙත් පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.
දෙවියන්වහන්සේ යාකොබ්ට කථාකොට: නැගිට බෙතෙල්ට ගොස් එහි වාසය කරන්න. නුඹේ සහෝදරවූ ඒසව් ඉදිරියෙන් නුඹ පලා ගිය කල්හි නුඹට පෙනුණු දෙවියන්වහන්සේට එහි පූජාසනයක් සාදන්නැයි කීසේක.
ඔව්හු බෙතෙල් සිට ගමන්කළෝය; එප්‍රාත්ට පැමිණෙන්ට මඳක් දුර තිබියදී රාඛෙල් ප්‍රසව වේදනාවට පත්ව මහත් අමාරු වින්දාය.
ඔහු එහි පූජාසනයක් ගොඩනගා ඒ ස්ථානයට ඒල්-බෙතෙල් යන නම තැබුවේය. මක්නිසාද ඔහු තම සහෝදරයා ඉදිරියෙන් පලා ගිය කල්හි දෙවියන්වහන්සේ එතැන්හි ඔහුට ප්‍රකාශවූසේක.