ෂෙඛෙම්ගේ පියවූ හාමොර් යාකොබ් සමඟ කථාකරන පිණිස ඔහු වෙතට පිටතට ගියේය.
ඔහු තමාගේ දූවූ දීනා අපවිත්‍රකළ බව යාකොබ්ට සැලවිය; ඒ වේලාවට ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ සිව්පාවන් සමඟ කෙතෙහි සිටියෝය. යාකොබ් ඔවුන් එනතුරු නිශ්ශබ්දව සිටියේය.
යාකොබ්ගේ පුත්‍රයෝ ඒ අසා කෙතේ සිට ආවෝය. ඔහු යාකොබ්ගේ දුව සමඟ සයනයකිරීමෙන් ඉශ්‍රායෙල් අතරේ නොකටයුතු වූ නින්දිතකමක් කළ හෙයින් ඒ මනුෂ්‍යයෝ ශෝකව ඉතා කෝපවූහ.
එබෙද්ගේ පුත්‍රවූ ගයල් කථාකොට: අප විසින් සේවයකිරීමට අබිමෙලෙක් කවුද? ෂෙකෙම් කවුද? ඔහු යෙරුබ්බාල්ගේ පුතා නොවේද? ඔහුගේ අධිපතියා ශෙබූල් නොවේද? නුඹලා ෂෙකෙම්ගේ පියවූ හාමොර්ගේ මිනිසුන්ට මෙහෙකරන්න. නුමුත් අපි කුමක් පිණිස ඔහුට මෙහෙකරමුද?