මේ මනුෂ්‍යයෝ අප හා සමගිතාවෙන් සිටිති; එහෙයින් ඔව්හු දේශයෙහි වැස වෙළඳාම් කෙරෙත්වා; මක්නිසාද දේශයෙහි ඔවුන්ට හොඳටම ඉඩ තිබේ; අපි ඔවුන්ගේ දූවරුන් භාර්යාවන් කොට ගනිමු, අපගේ දූවරුන් ඔවුන්ට දෙමු.
මෙසේ නුඹලා අප සමඟ වාසය කරන්නහුය. දේශයද නුඹලා ඉදිරියෙහි තිබේ; මෙහි වාසයකරමින් වෙළඳාම්කර උරුම වාසි ලබාගන්නැයි කීවේය.
හාමොර්ද ඔහුගේ පුත්‍රවූ ෂෙඛෙම්ද තමුන්ගේ නුවර දොරටුව ළඟට අවුත් තමුන්ගේ නුවර වාසීන් සමඟ කථාකරමින්:
නුමුත් ඒ මනුෂ්‍යයන් චර්මඡේද්‍යය කරනුලැබුවාක් මෙන් අප අතරෙහි සියලු පිරිමි චර්මඡේද්‍යය කරනු ලැබුවොත් මිස නැත්නම් අප සමඟ වාසයකර එක සෙනඟක් වෙන්ට ඔව්හු අප හා එකඟ නොවන්නාහුය.
නුඹලාගේ බාල සහෝදරයා මා වෙතට ගෙනෙන්න. එවිට නුඹලා ඔත්තුකාරයන් නොව අවංක මනුෂ්‍යයන් බව දැනගන්නෙමි. එවිට නුඹලාගේ සහෝදරයා නුඹලාට භාරදෙන්නෙමි, නුඹලාට දේශයෙහි වෙළඳාම්කරන්ට පුළුවන කියා කීයේයයි කීවෝය.