ලෙයා යාකොබ් නිසා බිහිකළාවූ ඇගේ දුවවූ දීනා දේශයෙහි දූවරුන් දකින්ට ගියාය.
ඒසව් සතළිස් අවුරුදු වයස්වූ කල හිත්තීය බෙයේරීගේ දූවූ යූදිත් හා හිත්තීය ඒලොන්ගේ දූවූ බසෙමත්ද භාර්යාවන් කොට පාවාගත්තේය.
රෙබෙකා ඊසාක්ට කථාකොට: හෙත්ගේ දූවරුන් නිසා මාගේ ජීවිතය මට එපාවී තිබේ. යාකොබ් මේ දේශයේ දූවරුන් වූ හෙත්ගේ දූවරුන්ගෙන් මෙබඳු භාර්යාවක් පාවාගන්නේ නම් මාගේ ජීවිතය මට කුමට දැයි කීවාය.
ඊසාක් යාකොබ්ට ආශීර්වාදකොට පදන්-අරාමෙන් ඔහුට භාර්යාවකු පාවාගන්නා පිණිස ඔහු එහි යැවූ බවද, ඔහුට ආශීර්වාදකරද්දී: නුඹ කානාන්හි දූවරුන්ගෙන් භාර්යාවකු පාවානොගන්නැයි අණකළ බවද,
ලෙයා: මේ මාගේ වාසනාවය, මක්නිසාද මම වාසනාවන්තීයයි දූවරුන් කියනවා ඇතැයි කියා ඔහුට ආෂෙර් යන නාමය තැබුවාය.
ඉන්පසු ඈ දුවෙකු බිහිකර ඈට දීනා යන නාමය තැබුවාය.
එහි පූජාසනයක් ගොඩනගා ඒල්-එලොහේ-ඉශ්‍රායෙල් යන නාමය ඊට තැබුවේය.
මොව්හු ලෙයාගේ පුත්‍රයෝය, ඈ ඔවුන් සහ යාකොබ්ගේ දුවවූ දීනාද පදන්-අරාමේදී ඔහු නිසා බිහිකළාය. ඔහුගේ සියලු පුත්‍රයොත් දූවරුන් තිස් තුන් දෙනෙක්ය.
නුඹේ මාර්ගය වෙනස්කරන්ට නුඹ ඔපමණ තැනින් තැන යන්නේ මක්නිසාද? අෂූර් නිසා නුඹ ලජ්ජාවට පැමුණුණාක්මෙන් මිසරය නිසාත් නුඹ ලජ්ජාවට පැමිණෙන්නෙහිය.
ඇරත් ඔව්හු ගෙයින් ගෙට ඇවිදිමින් කම්මැළිවෙන්ටත් ඉගෙනගනිති; කම්මැළිවෙනවා පමණක් නොව නුසුදුසු දේ කථාකරමින්, වාචාලියෝද අනුන්ගේ කාරණා සොයන්නෝද වෙති.
සිහියෙන් යුක්තව, පිරිසිදුව, ගෙදර වැඩ කරන්නියන්ව, කරුණාවන්තව, තමුන්ගේම පුරුෂයන්ට යටත්ව සිටින්ට ඔවුන් විසින් පුරුදුකර වන පිණිසය.