පණිවිඩකාරයෝ යාකොබ් වෙතට හැරී අවුත්: අපි ඔබගේ සහෝදරවූ ඒසව් වෙත ගියෙමුව, තවද ඔහු මිනිසුන් හාරසියයක් සමඟ ඔබ සම්බවෙන පිණිස එන්නේයයි කීවෝය.
තමාගේ සියලු සිව්පාවන්ද පදන්-අරාමේදී තමා සම්බකරගත් සියලු සම්පත්ද තමා ලබාගත් සියලු සිව්පාවන්ද රැගෙන, කානාන් දේශයට තමාගේ පියවූ ඊසාක් වෙතට යන පිණිස ගියේය.
මාගේ සහෝදරයා අතින්, ඒසව් අතින්, මා ගැළවුව මැනව. මක්නිසාද ඔහු ඇවිත් මටත් ඔවුන් සහ දරුවන්ටත් පහර දෙන්නේදෝහෝයි ඔහුට භයවෙමි.
එවිට යාකොබ් අතිශයින්ම භයපත්ව කැලඹුණේය. ඔහු තමා කැටුව සිටි මිනිසුන්ද බැටළුවන්ද ගවයින්ද ඔටුවන්ද කණ්ඩායම් දෙකකට බෙදා:
ඒසව් අවුත් එක් කණ්ඩායමකට පහර දෙන්නේනම් ඉතිරි කණ්ඩායමට ගැළවෙන්ට පුළුවනැයි කීවේය.
යාකොබ් තමාගේ ඇස් ඔසවා බැලූ විට ඒසව්ද ඔහු සමඟ මිනිසුන් හාරසියයක්ද එනවා දුටුවේය. ඔහු ලෙයාටත් රාඛෙල්ටත් දාසීන් දෙදෙනාටත් දරුවන් වෙන්කොට දී,
ඒසව්ද: එසේවීනම් මා සමඟ සිටින මිනිසුන්ගෙන් සමහරෙකු නුඹ සමඟ නවත්වා යන්නෙමියි කීවේය. ඔහුද: ඒ කුමටද? මාගේ ස්වාමියාගෙන් මට කරුණාව ලැබේවයි කීවේය.
මට සම්බවුණු නුඹේ ඔය පිරිස කුමක් පිණිසදැයි ඒසව් ඇසුවේය. මාගේ ස්වාමිහුගෙන් කරුණාව ලැබෙන පිණිසයයි ඔහු කීවේය.
ෂෙඛෙම්ද දීනාගේ පියාට හා සහෝදරයන්ටත් කථාකොට: නුඹලාගෙන් මට කරුණාව ලැබේවා, නුඹලා මට කියන දේ දෙන්නෙමි.
ඔබ අපේ ජීවිත රක්ෂාකෙළෙහිය. අපේ ස්වාමීහුගේ ඇස් හමුවෙහි අපට කරුණාව ලැබේවා, අපි ඵාරාවෝගේ දාසයෝ වන්නෙමුයයි ඔව්හු කීවෝය.
එය සිංහයෙකු ඉදිරියෙන් මනුෂ්‍යයෙක් පලායද්දී වලසෙකුට අසුවෙන්නාක්මෙන්ය; නොහොත් ගෙට ඇතුල්වී තමාගේ අත භිත්තියේ තබන විට සර්පයෙක් ඔහුට දෂ්ටකරන්නාක්මෙන්ය.
එවිට ඈ: මාගේ ස්වාමිනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා; මක්නිසාද මා ඔබගේ මෙහකොරියන්ගෙන් කෙනෙකු මෙන් නොවන නුමුත්, ඔබ මා සනසා ඔබගේ මෙහකොරිය සමග කරුණාවෙන් කථාකෙළෙහියයි කීවාය.
මෝවබිය රූත් නායොමිට කථාකොට: මම කෙතට ගොස් මට කරුණාව පෙන්වන කෙනෙකු පස්සේ යමින් කරල් ඇහිඳගන එන්නෙමියි කීවාය. ඈද: මාගේ දියණියෙනි, යන්නැයි කීවාය.
ඈද: ඔබගේ මෙහෙකාරීට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබේවයි කීවාය. එවිට ඒ ස්ත්‍රී පිටත්ව ගොස් කෑම කෑවාය, ඇගේ මුහුණද තවත් මලානිකව නොතිබුණේය.