Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



උත්පත්ති 32:27

Sinhala Revised Old Version

නුඹේ නම මොකදැයි උන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

උන්වහන්සේ කථාකොට: පහන්වෙන බැවින් මා යන්ට හරින්නැයි කීසේක. ඔහුද: ඔබ මට ආශීර්වාදකළොත් මිස නැත්නම් යන්ට නොහරිමියි කීය.

යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.

දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ නම යාකොබ්ය. මින්මතු නුඹේ නාමය යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි කීසේක. උන්වහන්සේ ඔහුට ඉශ්‍රායෙල් යයි නම්තැබූසේක.

නුමුත් ළමයාගේ මවු: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයත් ජීවත්වන බව සැබෑවා සේම, මම ඔබ අත්හැර නොයමියි කීවාය. එවිට ඔහු පිටත්වී ඈ අනුව ගියේය.

යාබෙශ්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට: අහෝ, ඔබ මට ආශීර්වාදකර, මාගේ සීමාව විශාලකර, ඔබගේ අතින් මට පිහිටවී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවයි කීවේය. දෙවියන්වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ටකළසේක.

විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ නුඹට උත්තරදෙනසේක්වා; යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නාමය නුඹ උසස්කෙරේවා;

යාකොබ් අරාම් රටට පලාගියේය, ඉශ්‍රායෙල්ද භාර්යාවක් සඳහා වැඩකර, භාර්යාවක් සඳහා බැටළුවන් බලාගත්තේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්