ඔහු දෙවෙනියාටත් තුන්වෙනියාටත් රංචු පස්සේ යන සියල්ලන්ටත් අණකරමින්: ඒසව් සම්බවූ කල නුඹලා එයාකාරයෙන් ඔහුට කථාකර–
උන් ඔබගේ මෙහෙකරුවූ යාකොබ්ගේය; උන් මාගේ ස්වාමිවූ ඒසව්ට එවනලද තෑග්ගක්ය. ඔහුද අප පස්සෙන් එන්නේයයි කියන්නැයි කීවේය.
ඔබගේ මෙහෙකරුවූ යාකොබ් අප පස්සෙන් එන්නේය කියා කියන්නැයි කීවේය. මක්නිසාද: මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහු සමගිකරගෙන පසුව ඔහුගේ මුහුණ බලන්නෙමි; සමහරවිට ඔහු මා පිළිගන්නවා ඇතැයි ඔහු කීවේය.
ඇගේ වැඩකාරයන්ට කථාකොට: නුඹලා මට පෙරටුව යන්න; මම නුඹලාට පස්සෙන් එන්නෙමියි කීවාය. එහෙත් ඇගේ පුරුෂයාවූ නාබල්ට ඈ ඒ බව කීවේ නැත.