තමාගේ වැඩකාරයන් අතට ඒ ඒ රංචු වෙන් වශයෙන් භාරදී: නුඹලා රංචුවෙන් රංචුව ඈත්කර මට පෙරටුව එතරට යන්නැයි තමාගේ වැඩකාරයන්ට කීවේය.
කිරිදෙන ඔටුදෙනුන් තිස්දෙනෙක් සහ උන්ගේ පැටියන්ද එළදෙනුන් සතළිස් දෙනෙක් සහ ගොන් දස දෙනෙක්ද කොටළුදෙනුන් විසිදෙනෙක් සහ පැටවුන් දස දෙනෙක්ද රැගෙන
තවද ඔහු ප්‍රථමයාට අණකරමින්: මාගේ සහෝදරවූ ඒසව් නුඹට සම්බව–නුඹ කාගේද? කොතැනට යන්නෙහිද? නුඹට ඉස්සරින් යන මුන් කාට අයිතිදැයි නුඹෙන් අසන කල:
ඔබගේ මෙහෙකරුවූ යාකොබ් අප පස්සෙන් එන්නේය කියා කියන්නැයි කීවේය. මක්නිසාද: මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහු සමගිකරගෙන පසුව ඔහුගේ මුහුණ බලන්නෙමි; සමහරවිට ඔහු මා පිළිගන්නවා ඇතැයි ඔහු කීවේය.
කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභ සිද්ධවේ; ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ටකරගන්නේය.
සිහිය නුඹ රැකවල්කරන්නේය, ඥානයද නුඹ ආරක්ෂාකරන්නේය;
මෙසේ ඔහුගේ දෙවියන්වහන්සේ හරි විධිය ඔහුට පෙන්වා ඔහුට උගන්වනසේක.
වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.
ඇගේ වැඩකාරයන්ට කථාකොට: නුඹලා මට පෙරටුව යන්න; මම නුඹලාට පස්සෙන් එන්නෙමියි කීවාය. එහෙත් ඇගේ පුරුෂයාවූ නාබල්ට ඈ ඒ බව කීවේ නැත.