දැනට විසි අවුරුද්දක් නුඹ සමඟ සිටියෙමි; නුඹේ බැටළුදෙන්නුද නුඹේ එළුදෙන්නුද ගබ්සානුවූවෝය, නුඹේ රැළවල බැටළුවන් මම නොකෑයෙමි.
එවිට ලාබන්: නුඹෙන් මට කරුණාව ලැබී තිබේ නම් නැවතී යන්න. නුඹ නිසා ස්වාමීන්වහන්සේ මට ආශීර්වාදකළ බව නිමිත්තකින් මට පෙනී ගොස් තිබේයයි ඔහුට කීවේය.
එවිට යාකොබ්: මා නුඹට වැඩකළ හැටිත් නුඹේ ගවයන් මා ළඟ සිටිය හැටිත් නුඹ දන්නෙහිය.
මක්නිසාද මා එන්ට පළමුවෙන් නුඹට තිබුණේ ස්වල්පයක්ය, දැන් එය බොහෝ සෙයින් වර්ධනයවී තිබේ; මා කොයි දෙසට හැරුණත් ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකළසේක. ඉතින් මාගේම පවුලටත් මා සපයන්නේ කවදාදැයි ඔහුට කීය.
තවද රැළ ගැබ්ගත් කාලයේදී හීනයකින් මම මාගේ ඇස් ඔසවා බලා උන් පිට නගින එළුවන් රේඛාද ලපද තිත්ද ඇතිවුන් බව දුටිමි.
නුඹ මාගේ බඩු සියල්ල අතගා බැලුයෙහිය; නුඹේ ගෙයි බඩු සියල්ලෙන් නුඹට සම්බවුණේ කිමෙක්ද? එය මෙහි මාගේ සහෝදරයන්ද නුඹේ සහෝදරයන්ද ඉදිරියේ තබන්න, ඔව්හු අප දෙදෙනා අතරෙහි විනිශ්චය කෙරෙත්වා.
වල් සතුන් විසින් ඉරාදමන ලද්දවුන් නුඹ වෙතට නොගෙනවුත් මම්ම ඒ අලාභය වින්දෙමි; දවාලේ හෝ රාත්‍රියේ හෝ සොරකම්කරනලද්දවුන් නුඹ මා අතින් අය කෙළෙහිය.
නුඹේ දේශයෙහි කිසි ගබ්සාවීමක්වත් වඳව සිටීමක්වත් නොවන්නේය. මම නුඹේ දවස් ගණනද සම්පූර්ණකරන්නෙමි.
නුඹේ ගර්භයේ ඵලයටද නුඹේ භූමියේ ඵලයටද නුඹේ සිවුපාවුන්ගේ ඵලයටද නුඹේ ගවයන්ගේ බෝවීමටද නුඹේ එළු බැටළු පැටවුන්ටද ආශීර්වාද ලැබෙන්නේය.