එකල යාකොබ් නැගිට තම පුත්‍රයන් සහ භාර්යාවන් ඔටුවන් පිට නංවා,
එවිට මෙහෙකරුතෙමේ ස්වාමියාගේ ඔටුවන්ගෙන් දසදෙනෙකු රැගෙන පිටත්ව ගියේය; ඔහුගේ ස්වාමියාගේ සියලු වස්තුව ඔහුගේ අත යටතෙහි වූයේය. ඔහු පිටත්වී මෙසොපොතාමියේ නාහොර්ගේ නුවරට ගියේය.
රෙබෙකාද ඇගේ තරුණියෝද නැගිට ඔටුවන් පිට නැගී ඒ මනුෂ්‍යයා කැටුව ගියෝය. මෙහෙකරුවා රෙබෙකා කැඳවාගෙන ගියේය.
දෙවියන්වහන්සේ අපගේ පියාගෙන් පැහැරගත් සියලු වස්තුව අපටත් අපේ දරුවන්ටත් අයිතිය. ඉතින් දෙවියන්වහන්සේ ඔබට කී සියල්ල කරන්නැයි ඔහුට කීවෝය.
තමාගේ සියලු සිව්පාවන්ද පදන්-අරාමේදී තමා සම්බකරගත් සියලු සම්පත්ද තමා ලබාගත් සියලු සිව්පාවන්ද රැගෙන, කානාන් දේශයට තමාගේ පියවූ ඊසාක් වෙතට යන පිණිස ගියේය.
දාවිත් ඇඳිරි වේලාවේ පටන් පසුවදා සවස දක්වා ඔවුන්ට පහරදුන්නේය. ඔටුවන් පිටනැගී පලාගියාවූ යෞවනයන් හාරසියයක් හැර ඔවුන්ගෙන් වෙන කිසිවෙක් ගැළවුණේ නැත.