මා විසින් නුඹට කුමක් දිය යුතුදැයි ඔහු ඇසුවේය. එවිට යාකොබ්: නුඹ මට කිසිවක් දෙන්ට ඕනෑ නැත. ඉදින් මේක මට කරනවානම් මම නැවත නුඹේ රැළ පෝෂණය කොට බලාගන්නෙමි.
මක්නිසාද මා එන්ට පළමුවෙන් නුඹට තිබුණේ ස්වල්පයක්ය, දැන් එය බොහෝ සෙයින් වර්ධනයවී තිබේ; මා කොයි දෙසට හැරුණත් ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකළසේක. ඉතින් මාගේම පවුලටත් මා සපයන්නේ කවදාදැයි ඔහුට කීය.
මම අද නුඹේ මුළු රැළ අතරට ගොස් තිත් සහ ලප ඇති සියල්ලන්ද බැටළුවන් අතරෙහි කළුපාට ඇති සියල්ලන්ද එළුවන් අතරෙහි තිත් සහ ලප ඇති සියල්ලන්ද වෙන්කරන්නෙමි. එයාකාර එවුන් මාගේ කුලිය වන්නේය.
මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමීන් කෙරෙහි ඇදහීම යහපත.
නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.