තවද ඔහු: නුඹේ කුලී නියම කරන්න, එය මම දෙන්නෙමියි කීවේය.
නුඹ මාගේ සහෝදරයා නිසා නිකම් මට වැඩකරන්ට යුතුද? නුඹේ කුලී කොපමණ වන්නේදැයි මට කියන්නැයි ලාබන් යාකොබ්ට කීය.
මා විසින් ඇය අන්‍ය පුරුෂයෙකුට දීමට වඩා නුඹට දීම හොඳය, මා සමඟ සිටින්නැයි ලාබන් කීය.
මෙසේ පසුවුණෙමි. මේ විසි අවුරුද්ද නුඹේ ගෙයි සිටියෙමි; නුඹේ දූවරුන් දෙදෙනා උදෙසා දස සතර අවුරුද්දක්ද නුඹේ රැළ උදෙසා සාවුරුද්දක්ද මෙහෙකෙළෙමි. නුඹ මාගේ කුලිය දස වරක් වෙනස්කෙළෙහිය.
නුඹලාගේ පියා මා රවටා මාගේ කුලී දසවරක් වෙනස් කෙළේය; එහෙත් මට හිංසාවක් කරන්ට දෙවියන්වහන්සේ ඔහුට ඉඩ නුදුන්සේක.