ලෙයා නැවත ගර්භිණීව යාකොබ් නිසා හවෙනි පුත්‍රයෙකු බිහිකළාය.
ලාබන්ට දූවරු දෙදෙනෙක් සිටියෝය. වැඩිමහල් තැනැත්තීගේ නම ලෙයාය, බාල තැනැත්තීගේ නම රාඛෙල්ය.
මාගේ දාසිය මාගේ පුරුෂයාට මා විසින් දුන් හෙයින් දෙවියන්වහන්සේ මාගේ කුලී මට දුන්සේක කියා ලෙයා ඔහුට ඉස්සාඛර් යන නාමය තැබුවාය.
ඈ: දෙවියන්වහන්සේ උතුම් දායාදයක් මට දී තිබේ; මාගේ පුරුෂයා නිසා මා පුත්‍රයන් සදෙනෙකු බිහිකළ බැවින් ඔහු මා සමඟ වසන්නේය කියා ඔහුට සාබුලොන් යන නාමය තැබුවාය.
සාබුලොන්ගේ පුත්‍රයෝ, සෙරෙද්, ඒලොන් සහ යාලෙයෙල්ය.
ඉස්සාකර්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා සාබුලොන්ට එකක්ය.
තමුන්ගේ පවුල්වල හැටියට සාබුලොන්ගේ පුත්‍රයෝ නම්: සෙරෙද්ගෙන් පැවත ආ සෙරෙද් පවුලය. ඒලොන්ගෙන් පැවත ආ ඒලොන් පවුලය. යාලෙයෙල්ගෙන් පැවත ආ යාලෙයෙල් පවුලය.